Showing posts with label useful. Show all posts
Showing posts with label useful. Show all posts

කන් දෙක පරිස්සම් කර ගනිමු

/ /

Click to enlarge
ශ්‍රවනාබාධ දැන් ඉස්සරට වැඩිය ගොඩක් වැඩියි. ඇමෙරිකාව වගේ රටක් ගත්තොත් ජනගහනයෙන් වයස 20 ට වැඩි අයගෙන් 30% කට විතර ශ්‍රවනාබාධ තියනවා. ලෝකය පුරාම බැලුවොත් මේ ප්‍රමාණය මිලියන 55 කටත් වඩා වැඩියි. බොහෝ දෙනා තුල මේ ගැන ඇති උනන්දුව මුල් කරගෙන ඇමෙරිකාවේ Boston විශ්ව විද්‍යාලයේ Brian Fligor විසින් කරන ලද පැහැදිලි කිරීමක් තමයි මේ.

Earphone ගසාගෙන සංගීතයට ඇහුන්කන් දීම ශ්‍රවනාබාධ වලට කෙතරම් බලපානවද?
මේක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. මේක ඒ ඒ පුද්ගලයා සංගීතයට අහුන්කන්දෙන කල පරාසය හා කෙතරම් ශබ්දයකින් (volume) ඇහුන්කන් දෙනවද කියන එකත් බලපානවා. සාමාන්‍ය earphone පාවිච්චි කරනවානම් හා ඉතා අධික ශබ්දයකින් (90% of maximum volume) දිනකට පැය 2ක් පුරා සතියකට දින 5ක් අසන්නේ නම් සැලකිය යුතු ආකාරයක ශ්‍රවනාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. (ඒ කියන්නේ sensitive කන් තියන අයෙක්ට 40 decible (dB) ප්‍රමාණයක නොඇසීමක්). මේ නිසා සියුම් ශබ්ද ඇහෙන්නේ නෑ. මෙවැනි තත්වයක් යටතේ පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් තවමත් තව කෙනෙක් ගෙදරදී කියන දෙයක් අහල තේරුම් ගන්න පුළුවන් උනත් බාහිර ශබ්ද (background noise) වැඩි වෙනකොට (office එකක වගේ තැනක) කිසි දෙයක් තේරුම් ගන්න බෑ.
හැබැයි මේ වගේ තත්වයක් ඇති වෙන්නේ අවුරුදු 10ක් විතර earphone වලින් සින්දු ඇහුවොත් විතරයි කියල තමයි කියන්නේ.
එක එක පුද්ගලයන් ගත්තමත් ඒ අයගේ කන් වල sensitivity එකේ ලොකු වෙනසක් තියනවා. අඩු sensitivity එකක් තියන යට ශ්‍රවනාබාධ ඇතිවීමේ ඉඩකඩ අඩුයි. නමුත් කාට කොයි කන් තියනවද කියල කන් ඇහෙන්නේ නැතුව යනකන් දන්නේ නැති එකයි ප්‍රශ්නේ.
මෙම ශබ්දය නිසා ඇතිවන ශ්‍රවනාබාධ වලින් මූලිකවම අබාධ ඇති වෙන්නේ කනේ කන් බෙරයට හෝ බලු විට පෙනෙන අට සහිත කොටස නොව කනේ ඉතාමත් ඇතුලින් ඇති මද කන (middle ear) කොටසටයි. එනම් කනට ස්නායු සම්බන්ද වන කොටසයි. පුද්ගලයෙක් අධික ශබ්දයට දිගටම අහුන්කන්දෙනකොට මෙම ප්‍රදේශයේ ඇති සෛල වෙහෙසීමට පත් වී තාවකාලිකව ක්‍රියාකාරිත්වය නවත්වනවා. එවිට ශබ්දය හොඳින් ඇසීමට නම් volume එක වැඩි කරන්න අවශ්‍ය වෙනවා. මේ වගේ දිගින් දිගටම අධික ශබ්දයට ඇහුන්කන් දුන්නොත් එම සෛල මිය යනවා. මෙම සෛල නැවත වැදීමක් සිදු වෙන්නේ නෑ.
වෛද්‍ය මතය වෙන්නේ පුද්ගලයෙක් දිනකට volume එක 80% මට්ටමෙන් පැය එක හමාරකට වැඩිය ඇහුන්කන් දීමෙන් වැළකිය යුතු බවයි. උපරිම ශබ්දයෙන් දිනකට විනාඩි 5 කට වඩා ඇහුන්කන් දීමෙන් වැළකිය යුතුයි. බස් එකක වගේ යනකොට හුඟක් අය බාහිර ශබ්ද අභිබවා යන විදියට උපරිමය දක්වා ශබ්දය වැඩි කරනවා. මේක කනට හොඳ දෙයක් නෙවෙයි. සද්දේ වැඩියෙන් දාල ඇහුවට කමක් නෑ හැබැයි වැඩි වෙලාවක් ඒ විදියට අහන්න නරකයි.

මෙන්න මේ ආටිකල් එක තමයි ට්‍රාන්සිලේට් කරේ:  www.time.com

Windows 1 to 8

/ /
1985  Windows 1.0

 
The First Version of Microsoft Windows, Windows 1.0, with simple applications and the concept of multitasking on PC

1987  Windows 2.0 

The Second Version of Windows, Windows 2.0 with some fixes and the Control Panel.

reCAPTCHA එකේ ඔක්කොම ගහන්න ඕන නෑ

/ /
reCAPTCHA කියන්නේ නිතරම වගේ ඉන්ටෙර්නෙට් එකේ හම්බ වෙන දෙයක්. මේවා හැම website එකකම වගේ පාවිච්චි වෙන්නේ ස්පෑම් (spam) වලින් වැළකෙන්න. කියන්නේ software programs යොදාගෙන තේරුමක් නැතිව link වගේ එක පොස්ට් කරන එක නවත්තන්න.
බොහෝ website වල වර්තමානයේ මේ සඳහා පාවිච්චි කරන්නේ reCAPTCHA කියන ප්රෝග්රෑම් එක. මේක ගැන ඔබ නොදන්නා තොරතුරු ටිකක් තමා මේ article එකේ මම ලියන්නේ.
නිතරම reCAPTCHA code එකේ වචන දෙකක් දකින්න තියනවා. නමුත් මෙයින් ඇත්තටම වැදගත් වෙන්නේ එක වචනයක් පමණි. කියන්නේ හරියට එක වචනයක් ගැහුවම ප්රමාණවත්. අනෙක් වචනය නිකන් නොමග යවන්න දාපු එකක්. මේ බොරුවට දාපු වචනය වෙනුවට මොන වචනයක් ගැහුවත් captcha එක approve වෙනවා.

මතක තබා ගත යුතු දෑ
  1. අනවශ්‍ය වචනය බොහෝ විට බොඳ වී හෝ කියවෙමට අපහසු ලෙස හෝ අසාමාන්‍ය ලෙස පුංචියට දැක්වේ
  2. සත්‍ය වචන සාදා ඇත්තේ පරිඝනකය මගින් නිර්මාණය කල පින්තුර යොදාගෙන නිසා ඒවා බොහෝ විට එකම ෆොන්ට් එකකින් ලියා තිබේ. අනෙක් පින්තුර scan කල images යොදාගෙන නිර්මාණය කර ඇති නිසා බොහෝ විට දෝෂ සහගත විය හැක. එම අනවශ්‍ය වචන බොහෝ විට තද පාටින්, bold කල අකුරින් හා සමහර අවස්ථාවන්හිදී දිග වචන වේ.
  3. අනවශ්‍ය වචනය බොහෝ විට තනි කෙලින් හෝ වැඩිය අද නැතිව type කර තිබේ. වැදගත් අවශ්‍ය වචනය බොහෝ විට රැලි සහිතව හෝ අවුල් කර තිබේ.
  4. සත්‍ය වැදගත් වචනයේ අකුරු බොහෝ විට විවිද පති වලින් distort කර තිබේ
  5. සමහර අවස්ථාවන් වල ඔබ දැකල ඇති වචනය වටේට පැල්ලම් (dots) තිබෙනවා. මේවා පොත් වලින් scan කරපු වචන, ඒ කියන්නේ අනවශ්‍ය වචනයක්

Proof video:



Click this to download the poster!
 
Copyright © 2010 Jeli Pudding, All rights reserved
Design by DZignine. Powered by Blogger